මෙහම සින්දුවක් ලියා - TopicsExpress



          

මෙහම සින්දුවක් ලියා ගන්නට තියා තැපැල් චන්දෙට කලින් දෙන්නට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියා ගන්නට එකෙක් මහින්ද ලග අද නැත.සියලුම ප්‍රබුද්ධ විධග්දයින්,කලාකරුවන් ඉන්නේ මෛත්‍රිපාල සමගය, මහින්ද ලග දැන් ඉන්නේ දෙකෙන් දෙක බෙදා ගන්නට බැරි වීර සංගිලි පනික්කියාත්,කෝච්චියේ මාල කැඩූ රත්තරනුත්,8 පාස් නැති මහින්දානන්දත්,මුකුත් මතක නැති කුඩු දුමින්දත් ,ගල් අගුරු වලට මොනවා වුනා දැයි කිසි කතාවක් නැති අපවිත්‍ර පවිත්‍රත්,8 පාස් නැති ජොනී,8 පාස් නැති වනජීවී ඇමැතිත්,නීතිය බල්ලට දැම්ම, සිරකරුවන් පැහර ගන්න පිස්සු මුතු හෙට්ටි ගමත්,8 පාස් නැති වනජීවී ඇමැතිත්,2500 න් මේ රටේ ජීවත් වියහැකියි කියා හැමදාම,විබාගත් රිසල්ටුත් ඇන ගන්නා,වයිමාත්,කාන්තාවකට අසභ්‍ය ලෙස බැන වදින,මවකට නොදාව උපන් SB ත් ,ජාතිවාදේ අවුස් සා හත්පොලේ ගා ගත්,මහින්දගේ සුළු ජන චන්ද පදනම බිදු,රටේ එවකට තිබු ප්‍රශ්න වසන්නට ජාති වාදය ඇවිස්සු සිවුරට නිගා දෙන ගලබොඩ අත්තේත්,ලොක්කට තවමත් කඩේ යන ,ගැහැණු කමට නිගා දෙන.නැට්ටිච්චියන් කිහිප දෙනකුත් පමණි. ඉතින් උන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදා ගන්නට බැරි තැන කරන්නේ.විලි වසා ගන්නට,රනිල් කවදාවත් නොගසන,ඉංග්‍රීසියෙන් ගැසූ අත්සනත්,මෛත්‍රිපාල ගේ වැරදියට ගැසූ අත්සනත් සහිත බොරු ගිවිසුමක්,තැපැල් චන්දෙට කලින් ඉදිරිපත් කිරීමයි.මුන්ට කොතරම් මොලේ නැද්ද යත් බොරුවක් කරන්නට වත් ඔවුන්ට මොලයක් නැත,එහි අත්සන් කල දිනය ලෙස දක්වන්නේ, මෛත්‍රිපාල පොදු අපේක්ෂක බව හාන්කවිස්සියක් වත් නොදන්නා,2014/11/01 දිනයය. එතකින් නොනවතුනද අද ඔවුන්ට හරි හැටි තේමා ගීතයක් නැත.සහේලි කලගුණ දන්නා ජාතියක් ගැන කතා කලාට ,කලින් එක වගේ මේ පාර එකේ kick එකක් නැත.අනික සරත් ෆොන්සේකා ට,ශිරානි බණ්ඩාරනායකට ,මහින්ද කලගුණ සලකු හැටි මිනිසුන්ට හොදට මතකය. අප්පච්චි ,අප්පච්චි කියා පොඩි උන් ලවා කියවා ගත්තාට ,ඒකත් එතරම් බොක්කට වදින්නේ නැත,අනික අප්පච්චි ,අප්පච්චි කියමින් සරසවි සිසුන්ට පයින් ගහන ,එලව එලවා ගහන හැටිත්,Z score වෙනුවෙන් හඩ නැගූ,සිසිත ලාට , ජානක ලාට කල දේවල්,රතුපස්වල පිරිසිදු වතුර පොදක් ඉල්ලු අකිලලා මරා ගත් හැටිත්,පොඩි උන් මෙලොව තනි වෙද්දී ,වකු ගඩු රෝගයෙන් අම්මලා ,තාත්තල මියැදෙන හැටිත් ,වතුර වෙනුවට,කුඩු ,එතනෝල්,කැසිනෝ බෙදු හැටිත් මිනිස්සුන්ට හොදින් මතකය. තේමා ගීතයක් කෙසේ වෙතත්, මෛත්‍රිපාල ගේ advertisement හා හැප්පෙන්නට advertisement එකක් හදා ගන්නට තවමත් ඔවුන්ට නොහැකි වී ඇත.නිල බලු කායෙන් කලින් දැමු,තේ එකක් වත් බොන්නට සල්ලි නැති මිනිසුන් ලංකාවේ සිටින බව කියන,නිල් බලකායේ උන් සිගරට් බොන බව කියන,එකෙකුට කාර් තියෙද්දී ,තාමත් කාපට් පාරවල වල ෆුට් සයිකලෙන් යන මිනිස්සුන් ඉන්න රටක් මේක, බව කියන. Advertisement ටික උන් දැන් පෙන්නන්නේ නැත,ඒ වෙනුවට දැන් පෙන්නන්නේ ඊට හපන් ටිකකි,තාත්ත කෙනෙකුට තම දරුවාට පොතක් අරන් දෙන්නට රෑ එකලෝහ වෙනකුනුත් three-wheel එලවන්නට වන බව,දැක්වෙන advertisement එකෙකුත්,හදිස්සියකටවත් නිවාඩුවක් ගන්නට බැරි,නිවාඩු දැම්මොත් OT එකෙන් ලැබෙන අමතර ගාන නැති වෙන නිසා ,එවන් අමතරව නොඋපයා මේ රටේ ජීවත් විය නොහැකි බව කියන , අපේ රටේ හෙදියක් පෙන්නන advertisement එකකි. ඒ එකකවත් මහින්දට චන්දය දෙන්න කියා නැත.ඒවා customer perspective එක නංවා ගැනීමට සමහර සමාගම් ගහන advertisement වැනිය.අනික් හාස්‍ය ජනකම කරුණ වන්නේ,මහින්දට චන්දය දෙන්න යයි කියන සමහර කලාකරුවන්ගේ ,හා ක්‍රීඩකයින්ගේ Facebook ගිණුම් වල ,ඔවුන් එම චන්දය දෙන්න යයි කියන advertisement එකවත් post නොකිරීමය. අනෙක් පැත්තෙන් ඇත්තේ,ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසි දාක සිදු නොවූ,සදාචාරය බල්ලට දමා සිදු කරන මඩ ගැසූ, advertisement ය.එවායින්ම වටේ ඉන්න මෝඩ හැත්තගේ තත්වය ඔබට හදුනා ගත හැකිය. මෛත්‍රිපාල ට ගහන්නට බැරි තැන ඔහුගේ වටේ ඉන්න අය ඔවුන් විවේචනය කරති.ඔහුගේ ඇදුම විවේචනය කරති. මෛත්‍රිපාල නුවර සීතල නිසා ඇන්ද කබායට , වීර සංගිලි පනික්කියා ෆ්‍රී මාකට් කර පබ්ලිසිටිය ලබා දුන්නේය.මහින්ද BnS ලවා හොලොග්රාම් ගෙනාවට වැඩක් වුනේ නැති පාටය, ඒ වුනත් මෛත්‍රිපාල වටේ ඉන්නේ තාරුණ්‍යය,ඔවුන් අධි තාක්ෂණික මෙවලමින් සන්නද්ධය ,සයිබර් අවකාශයේ 90% මෛත්‍රි සමගය.මොහොතකට මෙම video වේ,drone යානා මගින් ලබා ගත් දර්ශන වල අපුරත්වය බලන්න,සර්වජන වශිය වෙනුවට ,පිරිත් කුන්තය රැගෙන සිටින, මෛත්‍රි ත් බලන්න.යුද්දය ආරම්භ කරන්නට මාවිල් ආරු සොරොව්ව විවෘත කරන්නට එහි ගිය,රතන හිමිගේ දෙනෙත් දෙස මොහොතක් බලන්න,පාඨලී ඇගිල්ල දික් කරන විට ඔබට දැනුනේ කුමක්ද?අධිරාජ්‍ය කුමන්ත්රණ කියමින් හා,කොටි ලේබලය රනිල්ට අලවන්නට හැදුවාට,kp ,කරුණා,පිල්ලෙයාන් ඉන්නේ මහින්ද සමග බව දැන් මිනිසුන් දනී.අනුර කුමාර මහින්ද ඇතුළු නඩයට එලව එලවා පහර දෙයි.ඉතින් තව මොන කතාද.මේ චන්දය මෛත්‍රි දිනන බව සහතිකය.මක්නිසාද යත් මහින්දට චන්දය දෙන්නට මිනිසුන්ට මෙවර හේතුවක් නැති නිසාවෙනි .එහෙත් මහින්දට චන්දය නොදෙන්නට නම් මිනිසුන්ට ඕනා තරම් හේතු ඇත. -සටහන- පියවි සචීපති
Posted on: Thu, 25 Dec 2014 12:30:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015