මම දන්නව මම උඹලගේ - TopicsExpress



          

මම දන්නව මම උඹලගේ එකකටවත් ලයික් කරන්නේ නෑ කියලා... මේකයි මම දවසට එක පාරයි PC එකෙන් එන්නේ.. ඇත්තම කියනව නම් මට සල්ලි නෑ. අම්මලා දෙන කීයක් හරි එකතු කරල ඩයලොග් සිම් එකට කාඩ් එකක් දාගෙන අර රුපියල් 3 පැකේජ් එක ඇක්ටිව් කරගෙන තමයි පිසී එකේන් එන්නේ.. දවසට මෙගාබයිට් 60ට වඩා වියදම් කරන්න වත්කමක් නෑ මට.. දැන් එයාටෙල් එකේ 30 කාඩ් එකට ලැබෙන්ත් මෙගාබයිට් 61යි... කාඩ් එකක් දැම්මම ෆෝන් එකෙන් ආවත් දවස් 3න් ඉවරයි... මේ දවස් ටිකේ බෝම අරපිරිමැස්මෙන් තමයි ඩේටා පාවිච්චි කරන්නේ.. සතේ සතේ හරි එකතු කරලා ඩෙක්ස්ටොප් කම්පියුටර් එකක් ගන්න හිතන් ඉන්නේ.. ඒ වගේම තව එකක් මම එච්චර ඔය චැට් කරන එකට ආස නෑ.. කලාතුරකින් තමයි ඔන්ලයින් එන්නේ.. ඒකත් වැඩි වෙලාවකට නෙවේ... ඉන්බොක්ස් එකේ කියවපු නැති මැසේජ් 99+ තියනව.. සමහර අය කමෙන්ට් පවා දාල තියනවා මැසේජ් කියවන් නැද්ද කියල.. පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දානවා .. ගොඩක් ඒවා යට ගිහින් හොයාගන්නත් බෑ.. මගේ පේජ් දෙකක් තියනව ගෝල් දේශේ ජිමායි , පීසී ගේම් හබ් එකක්යි.. ඒ දෙක අප්ඩේට් කරන්නවත් අඩුමාගානේ වෙලාවක් නෑ.. හැපි පේජ් එකටනම් පුලුවන් වෙලාවට පෝස්ට් දානව.. ඒත් දැන් නම් හැම දේම එපා වෙලා... බෙහෙත් ගත්තෙත් මේ මාන්සික ආතතිය නිසා... හිතුනොත් ආයේ මේක ඩිඇක්ටිව් කරල රියල් එකවුන්ට් එකෙන් එනවා... මේ එකවුන්ට් එකේ තව අවුලක් තියනව උබලගෙත් එහෙමද දන් නෑ.. හැමෝගෙම පෝස්ට් නිවුස්ෆීඩ් එකට එන්නේ ඒක හදාගන්න බෑ කොහොමවත්.. ඒත් මම කාගේ හරි ප්‍රොෆයිල් එකක් ඇතුලට ගිහින් බැලුවොත් ඊට පස්සේ ඒ අයගේ පෝස්ට් නිවුස් ෆීඩ් එකට එනවා.. ලයික් කමෙන්ට් දාන්නේ නැත්තේ කුහක කමට නෙවේ බං.. සිරාවටම සොරි බං... නැති බැරිකම් කිව්වේ MG වගේ ෆේමස් වෙන්න නම් නෙවේ හොඳේ...
Posted on: Thu, 17 Jul 2014 14:03:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015