සමනල සංධ්වනිය ගැඹුරු - TopicsExpress



          

සමනල සංධ්වනිය ගැඹුරු රූපණ කාර්යයක්‌ ද? ධර්මජිත් පුණර්ජීව ජීවිතය නමැති ර`ගමඬලේ අත්දැකීම්, ර`ගපෑමෙන් පසෙකට කරන අපි යුග යුග පසු කරමින් අප හමුවට එන ඊළ`ග භූමිකා ර`ගපෑමට යොමු වන්නෙමු. කිසි විටෙකත් අපි අපේ අතීතයට හෝ අපගේ අනෙකාගේ අතීතයට යොමුවන අවස්‌ථා විරල ය. එවැනි අවස්‌ථා අප සලකන්නේ නිරර්ථක වෑයමක්‌ ලෙසට ය, කාලය කා දැමීමක්‌ හැටියට ය. ඒත් අප සැවොමගේ නිධන්ගත එවන් නිරර්ථක වෑයමක්‌a වෙනුවෙන් වාදීෂ අතීතය කරා ගමන් කරයි. ඒ සංගීත උමතුව විසින් වාදීෂගේ සමනල යෞවනය තුළ ඇති කරවන සංවේදී පෙළඹවීමක්‌ හේතුවෙනි. මේ සංවේදී සංජානනය ඔහුගේ සොහොයුරා තුළ නැත. සුවහසක්‌ තරුණයා තුළ ද නැත. එමෙන්ම ජීවිත ර`ගමඬලේ පසු යුගවල ඡේත්තුකාර චරිත ර`ගන කිසිවෙකුට වාදීෂගේ චරිතය ර`ගපෑමට නොහැකිය. කිසිවෙකුට නොහැකි වුව ද මේ පුරා වෘත්තයේ වෘතාන්ත කථකයකු බවට පත්වී අතීතය කරා කුමරි උයනට වාදීෂ තමන් අත දරණ හසුනත් රැගෙන පියමන් කරයි. වසර විසි ගණනක්‌ ඉකුත් වන ඒ නිශ්චිත දිනයේ දී ද වාදීෂ කුමාරි උයනේ සුදු පැහැති යකඩ බංකුවේ, සුදු පැහැයෙන් සැරසුණු පුණ්‍යා මුණ ගැසෙයි. ඕ සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරැසී සිටින්නීය. සුදු වන් වූ නරකෙසින් ඈ තම අත් ඔරලෝසුවේ කණිසම් ගනිමින් කිසිවකු බලාපොරොත්තු ව සිටින්නීය. වාදීෂ දැකීමෙන් පුණ්‍යා ම`දහස නගන්නේ තමන් අ`දුනන කලාකරුවා දැකීමෙන් ලද ආහ්ලාදයෙන් මිස තමන්ගේ ජීවිතයේ ප්‍රබල මතකයක්‌ අත දරා කාලාන්තරයක්‌ තමන් පසු පස ලුහුබැ`ඳි සමනල් යෞවනයා මේ ය යන හැඳීනීමෙන් නොවේ. පුණ්‍යා හා කථා බහකට තරම් පෞරුෂයක්‌ හිමි වාදීෂ අතීතයේ තමන්ගේ ගුප්තාර්ථාවේෂය පසෙකලා භෞතික දැන හැඳීනීමකට මුල පුරයි. එහෙත් අතීතාවලෝකනයෙන් මිදී තමාට තමා හිමි කරගන්නා මොහොත හෙවත් මතක සන්තකය කුමාරි උයනේදී ද පුණ්‍යා අතට පත් නොකරන වාදීෂ ඊට සුදුසු ම කලාගාරයට ඇයට ආරාධනා කරයි. වාදීෂ වික්‍රමනායක නමැති ජනප්‍රිය ගායකයා එතෙක්‌ මෙතෙක්‌ ගායනා කරන ලද ගායනාවත්a ඒ ගායනාවේ අතීතාවලෝකනයට නිමිත්ත වූ හසුනත් තම සාක්‌කුවේ ස`ගවාගෙන එහි හිමිකාරිය වන පුණ්‍යාවත් අසුන්ගත කරවා තම ප්‍රසංගය ආරම්භ කරයි. සැබැවින්ම එය වාදීෂත්, පුණ්‍යාත් සුවහසක්‌ මේ පොළවේ වෙසෙන වැන්දඹු රණවිරු භාර්යාවනුත් වෙනුවෙන් ගායනා කරන ලද සංවේදීතම සුගායනයයි, පුණ්‍යා වන් දස දහසක්‌ වන සො`දුරු ලියන්ගේ මනෝභාවයන්ගෙන් පරාරෝපණයව ඔවුන් දෙස ප්‍රේමයෙන් හෙළන සානුකම්පිත දයාර්ද්‍ර භාවයයි. වාදීෂට පුණ්‍යා සදාකාලික ප්‍රේමවන්තිය කි. ඒ පුණ්‍යා ඉකිගසා හ`ඩන අතීතයක, ක`දුළු සම`ග ගනුදෙනු කරනා ගැහැණියක බැවිනි. ඇගේ ප්‍රේමය කිසිදා සුව නොවන සුසුමින් පමණක්‌ නිරතුරුවම පිරිමදින රිදුමක්‌ බැවිනි. එය උහුලනු බැරි තැන උණු ක`දු`ඵම වගුරුවන සැබෑ ගැහැණියකගේ බැවිනි. එබැවින් වාදීෂගේ ජීවිතයේ ආත්මීය ගායනය එක්‌ නිශ්චිත හිස්‌ අවකාශයක ස්‌වර පිරිමදිනා අතරේ සිර වී ලොප් වෙයි. ඔහු නේපථ්‍යාගාරය වෙත යන්නේ මෙතෙක්‌ කාලයක්‌ තමන් තුළ ර`දවාගන දිවි ගෙවූ රිදුම් දෙන අතීතය පුණ්‍යාට භාර දෙන අටියෙනි. නේපත්‍යාගාරය වෙත පුණ්‍යාගේ පැමිණීම අප බලාපොරොත්තු වූ පරිද්දෙන් එපරිදිම සිදු වේ. මෙතෙක්‌ කාලයක්‌ තිස්‌සේ අතීතයේ දිවි ගෙවූ වාදීෂ ඉන් නිදහස්‌ වීමට ඇවැසි බව කියා තමන් සන්තකයේ තිබුණු හසුන්පත පුණ්‍යා අතට පත් කරයි. පුණ්‍යා වාදීෂව දිරිමත් කර ඔහුට සුබ පතයි. එහෙත් පුණ්‍යා තවමත් පුරා වෘත්තයක්‌ බවට පත්ව අප අතරේ සැරිසරයි. නිර්මාණකරුවා සැම විටම අනුභූතීන්ගෙන් තම සංවේදනා අවුළුවා ගනී. ඉන් සහානුභූතියට පත් වී ඒ සම`ග සිනහසෙයි, වැළපෙයි. කාලාන්තරයක්‌ මු`ඵල්ලේ ඔහු/ඇය තම ශිල්පීය කුසලතා හරහා ඒ සියුම් මනෝභාවයන් ගීතයට, චිත්‍රපටියට, නැටුමට, රැ`ගුමට, කැටයමට න`ගයි. වාදීෂ තම සො`දුරු සමනල් වියේ දී තමාට පෙම් කරනා සම වයසේ යෙහෙළිය කෙරෙහි අබමල් රේණුවක තරම් හෝ සිතක්‌ පහළ කර නොගෙන තමන්ට තරම් නොවන වැඩිමල් කාන්තාවක කෙරෙහි ආසක්‌ත වන්නේ ඇයි? වාදීෂගේ වැඩිමහල් සොහොයුරා ගේ නිර්දේශය අනුව නම් වාදීෂ පිස්‌සෙක්‌ හෙයිනි. කාන්තාවන්ගේ යටඇ`දුම් සොරා ගන්නා මේනියාකාර ගී්‍රස්‌ යකා බවට පත්වන්නට ඔහුට සිදුවන්නේත් වාදීෂ එය ප්‍රතික්‌ෂේප නොකර ගුටිබැට සංග්‍රහ ඉවසීමෙන් විඳින්නේත් ඔහු පිස්‌සෙකු බැවිනි. එහෙත් ඔහුගේ මේ මනෝමූලික ගුප්තාවේෂය ඇසුරෙහි බිහිවෙන පද පෙළ, ස්‌වර රචනාව, හැ`ගීම්බර සුගායනය හට ගන්නේ කොහෙන් ද... දෙවියන්ගෙන් ද... ඒ සංගීත සංයෝජනයෙන් පහස ලබන්නෝ තරුණ විය ඉක්‌ම වූ, මැදි විය ගත කරන, වයෝවෘද්ධ ගැහැණුන් ය, පිරිමින් ය. කලාකෘතියක්‌ ජනතාව අතර ජනප්‍රිය වූ විට සිදු වන්නේ කුමක්‌ ද ?.... තව දුරටත් ඒ කලා කෘතිය ඊට හිමිකාරිත්වයක්‌ දරණ තැනැත්තියට හෝ එකී නිර්මාපකයාට හෝ අයිති නොවී ධනපති වෙළ`ද සමාජය තුළ හිට්‌ වීම යි. හැම දෙනාටම හිට්‌ වුවත් එහි නියම අර්ථය හෝ එහි ඉතිහාස කථාව නොදන්නෝ නිර්මාපකයාගෙන් එය ඉල්ලා සිටින්නේ වෙන්දේසි හලක සිදු වන කාර්යයක්‌ පරිදි ය. වාදීෂ බීමත්ව බැණ වදින්නේ අසංවේදී එවන් ජනප්‍රිය සංගීත සමාජයට යි. වාදීෂගේ මානයෙන් මේ කතාන්දරය කියවන බහුතර රසික ප්‍රජාවගේ අනුදැනුම අනුව ඉකිගසා හ`ඩන්නේ වාදීෂ යි, ක`දු`ඵ සම`ග ගනුදෙනු කරන්නේ ත් වාදීෂ යි. ආදරය ත් වාදීෂගේ යි. නැත¾ මෙහි ආදරය පුණ්‍යාගේ ය. වාදීෂ සහානුභූතියට පත්වන්නේ පුණ්‍යාගේ ආදරයෙනි. වාදීෂ යනු පුණ්‍යාගේ ඒ ආදරය අපට පහදා දෙන වෘතාන්ත කථිකයා ය. ඔහු හැ`ගුම්බර වන තරමටම, භාවාතීෂය වන තරමටම අප පුණ්‍යාගේ ආදරය පිළිබ`ද කම්පනයට පත් වන්නෙමු. සිනමා නිර්මාණයේ මේ උභතෝකෝටිකය රසිකයා මත පැනෙන තරමටම නිර්මාණය එහි කලාත්මක ගුණය පෝෂණය කරයි. සංග්‍රාම භූමියේ දී සතුරු පාර්ශ්වය අතින් මැරුම් කෑමෙන් වන්ධ්‍යභාවයට පත්වෙන සුවහසක්‌ තරුණ බිරියන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්නට නම් පළමුව ඒ සමාජය ආදරය, දයාව, කරුණාව හ`දුනන සමාජයක්‌ විය යුතු නොවේ ද ?..... එවන් ගුණ දහමින් පිරිපුන් මිනිසුන් හි`ග සමාජයකට එය කියා දීමට පෙරට එන්නේ කවුරුන් ද ? යුද්ධය ඇරඹුණු දා පටන් ගත වී ඇති තිස්‌ පස්‌ වසර පුරාවට රසිකයා දුටු සිනමා නිර්මාණ, කවිය, නාට්‍ය, කෙටිකතාව, නවකතාව, ඇතුළු නෙක මාධ්‍ය අභිබවා අප මනසට මෙන්ම විදෙස්‌ ජන ප්‍රජාවගේ මනසට ද සැලකිය යුතු බලපෑමක්‌ එල්ල කළ බව අප හැමදෙනා දන්නා කරුණකි. චිත්‍රපට නිර්මාණ කරුවන්ගේ අභිලාෂය සමාජ කල්පිතයක්‌ මත නිර්මාණය කළ චිත්‍රපට මේය කියා අප සිතුවත් යුද්ධය පිළිබ`ද ඔවුන්ගේ පුද්ගල කියෑවීම්, සමාජ කල්පිතයන් සේ ඒත්තු ගන්වන්නට උත්සාහ දැරූ ඔවුනගේ මනෝ කල්පිත නොවේ ද? තව දුරටත් පහදතොත් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද භටයා පිළිබ`ද නිර්මාණකරුවන් අතර ඇති පොදු කල්පිතය වර්ගවාදයේ දේශපාලන විෂමතා හෙළිදරවු කිරීමක්‌ නොව සමාජ කල්පිතය සහමුලින්ම ඇති කරලීමක්‌ හෝ තව දුරටත් එය පතුරුවා හැරීමකට දරණ උත්සාහයක්‌ ලෙස පෙනේ. එපමණකින්ම නො නැවතී මේ සිනමාකරුවන්ගේ ඊළ`ග උත්සාහය වූයේ මෙවැනි කල්පිත මත සිනමාව නිර්මාණය කිරීම මගින් ආණ්‌ඩු විරෝධී රැඩිකල් ගතියක්‌ ද මවා පාමින් විදෙස්‌ සිනමා උත්සව නියෝජනය කරමින් නිර්මාණකරණයේ ප්‍රතිරූප නංවා ගැනීමේ හුදකලා ප්‍රයත්නයක නියෑලීම යි. මෙවැනි දුර්දාන්ත අදහස්‌ රූප මාධ්‍යයට ගොඩනැංවීමේ ඒක පුද්ගල ව්‍යායාමයන්හි හෙලුව අපට අලුතින්ම දක්‌නට හැකිවන්නේ සංජීව පුෂ්පකුමාර නමැති ජාතික රූපවාහිනී සේවාවේ නිවේදකයකු හැටියට කටයුතු කළ පුද්ගලයකුගෙනි. මේ සිනමා ව්‍යායාමයන්හි නිරත සැවොම හමුදාවට තම ජීවිතය පරදුවට තබන සොල්දාදුවාගේ පංතියම නියෝජනය කරන්නාහු ය. එහෙත් සිනමාකරණය නමැති තම වෘත්තයෙහි පරිපාකභාවය විදහා දක්‌වමින් සොල්දාදුවාගේ වෘත්තියෙහි දේශපාලනික පදනම හෝ විෂමතා ගැඹුරින් විශ්ලේෂණයට නොපෙළඹූහ. එසේම මෙහි අනෙක්‌ අන්තය අප දකින්නේ මීට වඩා වෙනස්‌ වඩා විදග්ධ සිනමාවක්‌ තුළ ද? මෙහිදී එක්‌තරා සිනමා නිර්මාණයක්‌ මගින් බලාපොරොත්තු වූයේ සොල්දාදුවාගේ වීරත්වය කියා පෑමට ය. එහෙත් නිර්මාණකරුවා අර සා සාල ධනස්‌කන්ධයකින් පෙන්වූයේ ත්‍රිවිධ හමුදාවේ වාර්ෂික හමුදා සංදර්ශනයකට වුව දෙවෙනි සංදර්ශනයක්‌ මිස වෙන කුමක්‌ ද? සමනල සංධ්වනිය චිත්‍රපටයේ පුණ්‍යාගේ පුරාවෘත්තයට යුධ හමුදාවේ සබැඳියාව සිනමාකරුවා ගොඩනගන ආකාරය නම් අපූරු ය. අවම වශයෙන් පුණ්‍යාගේ පෙම්වතා අවධියේදීවත් බ්‍රිගේඩියර්වරයාට හමුදා නිල ඇ`දුමක්‌ නාන්දවන සිනමාකරුවා යෞවන වාදීෂ පුණ්‍යා සොයා කුමාරි උයනට පැමිණෙන පළමු අවස්‌ථාවේ ජනාකීර්ණ නගරය පසු කර යන දර්ශනයක හමුදා නිලධාරීන් හතර දෙනෙකු රූප රාමුව හරහා යන්නට සලස්‌වයි. මෙය විචක්‍ෂණශීලී අවධානය පෙනෙන කදිම රචනයකි. සංකේතාත්මක රූපකය කි. අප දකින බොහෝ චිත්‍රපට වල, තිර නාටක වල, සුලභ දුර්වලතාව වන්නේ මුඛ්‍ය කථා තේමාව ඉදිරියට ගෙන නිර්මාණකරුවා විසින්ම එය දිග හැරීම යි. එහෙත් මේ චිත්‍රපටයේ පුණ්‍යාගේ මුඛ්‍ය තේමාව තිරනාටකයේ සමුදයාර්ථය විසින් ආක්‍රමණය කරන්නට සැලැස්‌වීමෙන් එහි මතුපිට ස්‌ථරය තුළ සියුම් විනෝදාස්‌වාදය සහිත කථාන්දරය විඳීමට අපට ඉඩ සලස්‌වමින් පුණ්‍යාගේ චරිතයේ ගුප්තාර්ථ කරා අප පොළඹවයි. ඇගේ මුහුණුවර, කථාබහ, ඇ`දුම් - පැළ`දුම්, ගමන බිමන ඇතුළු සමස්‌ත චර්යාධර්ම පද්ධතිය අන් කාන්තා චරිත වලින් වෙනස්‌ වේ. මෙවන් ගුප්aතාර්ථ චරිත රූපණයෙහි - Under Play Character Acting සමත් නිළියන් මේ රටේ වෙත් නම් ඒ අතලොස්‌ස කි. සාගරයක්‌ මැද - අයිරාංගනී සේරසිංහ, නිධානය චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා, ග`ග අද්දර චිත්‍රපටයේ වසන්ති චතුරානි, ඒ අතරට ගත හැකි සමීප නිදසුන් වේ. ගුප්තාර්ථ චරිත රූපණය පිළිබඳ Collin Winslow කදිම අර්ථ නිරූපණයක්‌ අප වෙත ලබා දෙන අතර ඒ පිළිබ`දව අප සන්සන්දනාත්මකව කරුණු හැදෑරිය යුත්තේ මෙරට සිනමා කලාවට මෙවන් චරිත රූපණය කළ හැකි නිළියන් අවම වශයෙන් අතලොස්‌සක්‌වත් බිහි කරගත හැකි නම් එය ඉතා වටිනා භාග්‍යයක්‌ සේ ගිණිය හැකි බැවිනි. To act in an unexaggerated way,with few external signs of emotions...Paradoxically, when skillfully done.underplaying can be very dramatically effective ...චරිතාංග රූපණයේ බැරෑරුම් රූපණ කාර්යයක්‌ වන මෙය සැබැවින්ම විදග්ධ ඵලයකි... නාටෙHdaචිත ක්‍රම වේදය කි. ඊට කුසලතා බාහුල්‍ය අත්‍යවශ්‍ය ය. අතිශයෝක්‌තියෙන් තොර සූක්‍ෂම අභින රටා මවමින් සම්මත ශිල්ප ක්‍රමවලට පටහැනි, එහෙත් පෙරහන්කඩකින් ලබන නියත පිරිසිදු භාවය සේ චරිතාංග ප්‍රසංග කළ යුතු වේ... සමනල සංධ්වනිය කෘතිය පිළිබ`දව ද මෙවැනි ම ගැඹුරු සිනමාත්මක කියෑවීමකට යොමු වන විට The Pianist වැනි චිත්‍රපටයක්‌ මතකයට නැෙ`ග්. එහි සමුදයාර්ථය යුද්ධය වන විට මුඛ්‍ය තේමාව සංගීතයත් සංගීතඥයා වෙතත් යොමු වන ආකාරය නිර්මාණශීලී ය, අපූරු ය... වාදීෂ විසින් ආත්මයෙන් පෙරා කැටි කරගත් ඉකි ගසා හ`ඩන... පද රචනය, සංගීත සංයෝජනය හා සුගායනය චිත්‍රපටය පුරා වාදනය වන වාර සංඛ්‍යාව බහුල ය. එහෙත් අප කිසිවකුත් ඊට විරුද්ධ නොවෙමු. අවසානය දක්‌වා එය වාදනය වන වාර සංඛ්‍යාව විසින් ඊට වෙනස්‌, ගැඹුරු අරුත් සම`ග අප මුඛ්‍ය තේමාව වෙත යොමුවේ. මෙය යි ගැඹුරු රූපණ කාර්යය. කතාන්දරයේ ගැඹුරු මනෝ ගති පරෙස්‌සම් සහගත, විදග්ධ ආකාරයට අනාවරණය වෙද්දී ගීතයේ සහභාගීත්වය ඊට මුසු කිරීම ප්‍රේක්‍ෂක අපව කෘතිය පෙරටු වී අපේ චිත්ත සන්තානය අවුළුවන තැනට, රසිකත්වය විසින් ගෙන යයි. මෑත භාගයේ මේ පොළොවේ සිනමාව මෙවන් අත්දැකීමක්‌ ප්‍රේක්‍ෂක අපට උදාකර දුන්නේ නැති බව සහතික ය. මෙකල චිත්‍රපට වූ කලී ව්‍යාපෘති හෝ ප්‍රචාරක ව්‍යාපාර බව ඒවා දකින ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. එය නැරඹීමේදීම එය විසින් අපට පසක්‌ කරන සත්‍ය එය යි. අපට අද ඇත්තේ තොරණ්‌ සිනමාවකැයි ධර්මසේන පතිරාජ සූරීන් ගේ කියමනෙන් ම එකී සත්‍ය තහවුරු වේ. මේ හිරිහැර සිනමාවෙන් මිදී අපට අප සම`ග එකත්පස්‌ වී අපව විනිවිද ගැනීමට සිනමා කලාව මෙහෙයවීම ගැන ජයන්ත චන්ද්‍රසිරිට ස්‌තූති වන්ත විය යුතුය. Great Piece of Work! අතීතාවලෝකනයෙන් මිදුණු වාදීෂ, තම බිරි`ද, දරුවා ඉදිරියේ යළිත් වරක්‌ තම ප්‍රසංගය ඉදිරිපත් කරයි. මෙවර ඔහුගේ ගායනාවට පෙර වාදීෂ නරඹන්නා ඉදිරියේ කලාව, කලාකරුවා හා ඔහුගේ නිර්මාණ ගැන පරමාදර්ශී කථනයක්‌ ඉදිරිපත් කරයි. අනතුරුව නව සංගීත සංයෝජනය ඉදිරියේ වාදීෂ නිදහස්‌ ලීලාවකට පිවිස ගීතය ගයන්නට යත්න දරයි. ඒ අතරේ අප ඉදිරියෙන් පුණ්‍යා කුමාරි උයනේ සුදු වර්ණැති යකඩ බංකුවේ හි`ද සිටිනු ඡේදනය කර දක්‌වයි. ම`ද වේලාවකින් ඇගේ පසුබිම මැද ඇය පින්තාරුවක්‌ සේ අප ඉදිරියේ දිස්‌ වේ. දිවයින වටමඬල 24 10 2013
Posted on: Wed, 23 Oct 2013 23:47:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015