Rupavahini News 5.55pm 11/08/2014 කොළඹ - TopicsExpress



          

Rupavahini News 5.55pm 11/08/2014 කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක දහම් සවිය සර්වාගමික සිද්ධස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් නිකිනි පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව ඊයේ ක‍්‍රියාත්මක වුණා. එම වැඩසටහන යටතේ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථාන ද සංවර්ධනය කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක වන මෙම වැඩසටහනේ තවත් අදියරක් ඊයේ දිනයේදී විහාරස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක වුණා. එහි පළමු වැඩසටහන පැවැත්වුණේ කොළඹ 14, ස්ටේඩියම් ගම, ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානයේදියි. විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින ධර්ම ශාලා මන්දිරය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග කිරීම කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රන්සෑගොඩ සිරිවිමල හිමියන් කියා සිටියේ ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා යම් දෙයක් පිළිගත්තා වගේම එය නිවැරදි ආකාරයට ඉටු කරන ජන නායකයෙක් බවයි. දායක සමිතියේ පිංවතුන් වෙනුවෙන් මම මන්ත‍්‍රීවරයාගේ දේශපාලන ගමනට ආශිර්වාද කරනවා. දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග සිදුකළ අනෙක් විහාරස්ථානය වූයේ වැල්ලම්පිටිය - කිත්තම්පහුව ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයයි. එම විහාරස්ථානයේ අබලන් වූ දහම් පාසල් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් මූල්‍ය පරිත්‍යාග කිරීම සිදුකළා. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ එම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය අගලේවෙල විජයානන්ද තිස්ස හිමියන් කියා සිටියේ මන්ත‍්‍රීවරයාගෙන් යම් ඉල්ලීමක් කළහොත් අනිවාර්යයෙන් එය ඉෂ්ඨ කර දෙන බවයි. එම ගතිගුණය තමන් අගය කරන බවත්, මන්ත‍්‍රීවරයාගේ ඉදිරි දේශපාලන කටයුතුවලට ආශිර්වාද කරන බවයි උන්වහන්සේ අවධාරණය කළේ. මෙම අවස්ථාවන් සඳහා විහාරස්ථානයන්හි දායක සභාවේ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. Another stage of the Daham Saviya religious places development programme initiated according to a concept of MP R Duminda Silva was implemented yesterday in view of the Nikini full moon poya day. Under the program monetary funds are allocated to develop Temples, churches, Kovils and mosques. MP R Duminda Silva handed over monetary fund’s to 2 temples yesterday. The first Program was held at Sri Sugatharamaya temple in Stadium Village, Colombo 14. MP handed over monetary fund’s to construct the Dhamma Hall and the Sanga hall of the temple.On this occasion chief prelate of Sri Sugatha-ramaya temple venerable Ran-sagoda Siri-wimala thero stated that MP R Duminda Silva is a leader who renderes a yeoman service to the society. MP R Duminda Silva also handed over monetary fund’s under the Daham Saviya program to Wallampitiya, Kiththam-pahuwa temple. Funds were handed over to reconstruct the dilapidated Sunday school building in the temple. Chief Prelate of the temple Venerable Agale-wela Wijaya-nanda thissa there. Members of the Dayaka Sabawa and thousands of devotees gathered during the occasion.
Posted on: Mon, 11 Aug 2014 16:19:27 +0000

Trending Topics



fe-Story-–-Do-you-Eat-In-Restaurants-Read-This-A-15-yr-topic-548294311892655">A Real Life Story – Do you Eat In Restaurants? Read This A 15 yr

Recently Viewed Topics




© 2015