*Debian, Ubuntu සහ ඕපන් සෝස් (FOSS) - TopicsExpress



          

*Debian, Ubuntu සහ ඕපන් සෝස් (FOSS) අනාගතය..* ලොව ප්‍රධානම, ජනප්‍රියම සහ වඩාත්ම ස්ථායී මෙහෙයුම් පද්ධතියක් වන Debian GNU/Linux, සිය Debian Project එක ඇ.ඩො. බිලියන 12 කට Microsoft සමාගමට විකුණා දමයි.. මේනිසා Open Source වූ Debian OS එක Closed Source වීම නිසා, දැනට Debian OS එක සහ Debian පාදක කරගෙන නිර්මාණය කරන ලද අනෙකුත් derivatives OS 144ක් මේ වන විට නීතී විරෝධී බවට පත් වී ඇත.. මේ නිසා Ubuntu, LinuxMint, Elementary, වැනි OS භාවිතා කරන්නන්ද භීතියකට පත්ව ඇතැය් සදහන් වේ.. (ලංකාවේ උන්ටනන් හොර කොපි ගානක් නැහ්.. කජු කිරි කනවා වගේ.. අපේ එකාලා කොමත් කම්බ හොරුනේ.. :3 ) එසේම ලොව වැඩියෙන්ම Server සදහා භාවිතා කරන්නෙද Debian OS එක වන අතර වෘත්තීමය ලෙස සර්වර් සයිඩ් එකෙහි නියැලෙන්නන්ද ප්‍රධාන ගැටළුවකට මුහුණ දී ඇතැයි පැවසේ.. :( Debian හි මෙම වෙළදාමට එරෙහිව විරෝධය සහ එය නැවත Open Source කිරීම සදහා change.org හි ලක්ෂ 15කින් සමන්විත පිරිසක් අන්තර්ජාල පෙත්සමක්ද ගොනු කර තිබේ.. මෙම ගණුදෙනුව සදහා Microsoft ප්‍රධාන විධායක නිලධාරි වන @Satya Nadella සහ Debian හි ප්‍රධාන Project Leader වූ @Lucas Nussbaum අතර රහසිත හමුවක් පැවැත්වූ බවට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් මෑත කාලයේදී අනාවරණය කර තිබිණ.. ලෝක ව්‍යාප්ත Linux Community එකද මෙයට විරෝධය පළකරන අතර මෙම ගණුදෙණුව ගැන Ubuntu හී නිර්මාතෘ වන @Mark Shuttleworth තම Official බ්ලොග් එකෙහි සදහන් කර තිබෙන්නේ Debian ගැන තම අප්‍රසාදය සහ නොසතුට ප්‍රකාශ කරන බවයි.. තමන් උබුන්ටු OS එක නිර්මාණය කර තිබෙන්නේ Debian based කරගෙන උනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන තකා මේ කළ ක්‍රියාවෙන් ඕපන් සොස් ලෝකයට මරු පහරක් එල්ලවූ බවය.. එසේම ඔහු කියා සිටියේ නීතිවිරෝධී වූ Ubuntu OS එක Debian based වලින් ඉවත්වී ඉදිරි මාස 3 තුල Arch Linux පදනම් කරගෙන නැවත නිර්මාණය කිරීමට සැළසුම් කරන බවය්.. එතෙක් ඉදිරි මාසයේ නිකුත්වීමට නියමිතව තිබු Ubuntu 14.04 LTS දියත් කිරීම වහා අහෝසි කළ බවයි.. :( © Cnet
Posted on: Mon, 31 Mar 2014 19:39:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015