Target-news -රටට ආදරය කරන - TopicsExpress



          

Target-news -රටට ආදරය කරන ක්‍රියාශීලි පරපුරක් ඇති කිරීමට පියවර ගන්නවා ___________කොළඹ දිසාවෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි ~~~~~~~~~~~~ මුල ඉඳලා කොළොන්නාව හදනවා- හිරුණිකා I will set Kolonnawa on the right path -- Hirunika රටට ආදරය කරන කම්මැලි නැති ක්‍රියාශීලි තරුණ පරපුරක් ඇති කිරීම සඳහා ඔවුන් තුල ආකල්පමය වෙනසක් සිදු කිරීමේ වැඩ පිළිවෙළක් තමා සකස් කරන බව කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය. තමා ලැබු මෙම අතිවිශීෂ්ට ජයග්‍රහණයට සෑම අතින්ම දායකවූ සියලු දෙනාට ප්‍රණාමය පුදකිරීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (31දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඇය මේ බව ප්‍රකාශ කළාය. මෙහි දී වැඩි දුරටත් කතා කළ ප්‍රේමචන්ද්‍ර මෙනවිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් ලබා දෙනවිට පැවසුවේ අපි කොපමණ මාර්ග සංවර්ධනය කළත් ගොඩනැඟිලි ඉඳිකෙරුවත් රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර නිසි මඟ නොයනවනම් ඒ සංවර්ධනයෙන් පලක් නැති බවයි. එබැවින් තරුණියක් ලෙස රටේ තරුණ කොටස්වල සිතුම් පැතුම් හඳුනාගෙන ඒ අයට රටට ආදරය කරන්න, තරුණ ශක්තිය නිසි අයුරින් ලබා දෙන ආකාරයට ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන බව පැවසුවාය. එදා මගේ පියාගේ ඝාතනය සිදුවූ මොහොතේ සිට සත්‍ය අතේ රඳවාගෙන සමාජ සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් කටයුතු කළ මට අද කොළඹ දිස්ත්‍රික්කයේ අහිංසක දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ලක්ෂ ගණනාවක් එක්ව සිටින අතර අද සිට ඒ අය වෙනුවෙන්ද මට සිදුකිරිමට විශාල කාර්ය භාර්යක් පැවරි තිබේ. කොළොන්නාවේ ආදරණීය ජනතාව වැඩි මනාප ප්‍රමාණයක් තමාට ලබා දී තිබෙන අතර ඒ ප්‍රදේශය මුලසිට හදන්න අවශ්‍යවී තිබෙන බව ඇය පෙන්වා දුන්නේය. එමෙන්ම මැද කොළඹ ජනතාව ද කිසිදු භේදයකින් තොරව ගෞරවයෙන් සිහිපත් කරන බව පැවසු ඇය තමා වෙනුවෙන් ඡන්දය දුන් සැමට ස්තූති කළාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම මැතිනිය තමාට දියණියක් ලෙස ආශිර්වාද කොට උපදෙස් ලබාදෙමින් මේ කාලය තුල තම අවශ්‍යතාවන් ඉටු කළ අතර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඒ සහෝදරයන් ලබාදුන් සහයෝගය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමැතිවරු තම පියා දැක්වු ආදරය ද තමාට දක්වමින් මගේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් උපකාර කළ බව පැවසුවාය. ඉඳිකට්ටක්වත් නොබෙදා විශාල මුදලක් වැය නොකර ඉතා අහිංසකව ගෙන ගිය මගේ ඡන්ද ව්‍යාපාරයට දුප්පත් මෑණිවරුන් ඉතා අහිංසක ලෙස අධාර කළ අවස්ථා තිබෙන අතර ඒ අය වෙනුවෙන් පළාත් සභාව සත්‍යයේ හඬ නඟන බව අවධාරණය කෙරුවාය‍. ඉදිරියේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමටත්, කොළොන්නාව ආසනයේ කටයුතු කිරීමටත් බලපොරොත්තු වන අතර තමාව මේ තරම් ඉක්මනට ජනතාව අතරට ගෙන ගිය මාධ්‍යයට ස්තූතිවන බව පැවැසීය. නගර සභා ඡන්දයක්වත් දිනාගන්න නොහැකි පුද්ගලයෙක් එක්තරා මාධ්‍ය ජාලයක ඉත්තකුවි තමාට මඩ ගහන්න හැදුවත් ජනතාව ඒ සෑම දේ දැන් ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසුවාය. ~~~~~~~~~~~~ මුල ඉඳලා කොළොන්නාව හදනවා- හිරුණිකා කොළොන්නාව ගොඩනැගීම සිය වගකීම බවත්, තමන් මුල සිට කොළොන්නාව හදන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය. මට කොළොන්නාවෙ මිනිස්සු 85% ක්ම ඡන්දය දුන්නෙ ඔවුන්ට ඔවුන්ගේ ගම හදන්න මාව ඕනෑ නිසයි. ඒ නිසා ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් මම වැඩ කරනවා. මම කොළොන්නාව මුල ඉඳලා හදනවා කියලා කියන්නෙ, දුරාචාර අතින් කොළඹ දිස්ත්‍රික්කයේ එය අංක එක නිසයි. මට පළාත් සභාව තුළ ඇමති ධුර ගන්න ආසාවක්, පොරයක් නෑ. මන්ත්‍රීවරියක ලෙස හරි මට කරන්න ලොකු වගකීමක් තියෙනවා යැයි හිරුණිකා මෙනවිය (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය. Hirunika Premachandra, the daughter of slain Presidential Advisor Bharatha Lakshman Premachandra, polled the highest number of preferential votes of the UPFA in Colombo District at the Western Provincial Council Election, with more than 130,000 preferences. She vowed today that she would use her victory and her position to set Kolonnawa Electorate on the right path. She said she had many other plans lined up for the future in order to serve the public. “Everyone knows that the Kolonnawa Electorate is the most corrupt in Colombo District, with many immoral activities going on. People have proved at this election that they want a change of leadership in Kolonnwa. I will use my influence and position as a provincial council member to put Kolonnawa on the correct path,” she said; adding that she had received more than 85% of the preferential votes in Kolonnawa. Miss Premachandra said she was also able to win more votes for the United People’s Freedom Alliance (UPFA) in Colombo Central, where she is the party’s co-organiser, than it had won at previous Provincial Council Elections, “Colombo Central is considered a UNP stronghold. It is also a multi ethnic electorate. But we were able to gain more votes than we did during previous Provincial Council Elections,” she said, at a media briefing held in Colombo to give credit to those who had helped her during the election campaign. She said the youth of the country had lost faith in the present political system and that she would address the issues of the youth in the district: “Although I don’t expect a ministerial post in the provincial council, I will humbly accept it if I am offered one. But just being a provincial councilor is still a huge responsibility, and I will serve the people in that capacity,” she said. Asserting that this was just the beginning of her political career, Miss Premachandra said she hoped to enter parliament in the future. Anura S. Liyanage Target-news -Tuesday April 1st 2014- අනුර ප්‍රේමලාල්-සඳමාලි වික්‍රමආරච්චි
Posted on: Tue, 01 Apr 2014 03:34:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015