22/10/2014 ★ ඔක්තෝබර් √ වරාය - TopicsExpress



          

22/10/2014 ★ ඔක්තෝබර් √ වරාය පුහුණු පාසලේ මැතිවරණ සූදානමක්BBC FLASH NEWS මැතිවරණයක් සඳහා අවශ්ය මාධ්ය රථ, වේදිකා ඇතුළු බොහෝ දේ වරායට ගෙන එමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ශ්රී ලංකා වරාය අධිකාරිය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණ සංචාරයක යෙදුණු තමන් ඇතුළු මන්ත්රී කණ්ඩායමකට ප්රහාරයක් එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න බීබීසී සංදේශයට පැවසීය. සාමාන්යයෙන් රජයේ ආයතනවල ගවේෂණ චාරිකාවල යෙදෙන විට තමන් අදාළ ආයතනයේ ප්රධානීන් දැනුවත් කරන නමුත් තමන්ට ලැබුණු තොරතුරක් මත හදිසියේම මෙම සංචාරය යොදාගත් බවයි, ඔහු පවසන්නේ. සැබවින්ම එවැන්නක් සිදුවෙමින් පැවති බව මන්ත්රී පිරිසට දැකගන්නට ලැබුන බවත් මන්ත්රීවරයා පවසයි. එහිදී තමන්ට ගල් මුල් ප්රහාර එල්ල වූ බවත්, සිය වාහනවලට බරපතල අලාභ හානි සිදු වූ බවත් මන්ත්රීවරයා පැවසීය. දැන් මේකෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා, රජයට සඟවන්න යමක් තියනව කියල, යනුවෙන්ද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක, ආර් යෝගරාජන්, අජිත් පී පෙරේරා සහ නලීන් බණ්ඩාර ජයමහ ඇතුළු කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවට එක් වී සිටියහ. එළඹෙන ජනාධිපතිවරණයේ මෙහෙයුම් මධ්යස්ථානය වශයෙන් කොම්පඤ්ඤවීදියේ පිහිටි වරාය ආරක්ෂක පුහුණු පාසල යොදා ගන්නා බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා තිබේ. Saf Dhh
Posted on: Wed, 22 Oct 2014 08:18:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015